ඇමති සජිත් ප්‍රේමදාසගේ ආධාරකරුවන් කිහිප දෙනකුගේ සමූහ දූෂණයට ලක්වීමෙන් පසු රෝහල් ගතකර සිටියදී මියගිය තිස්සමහාරාම මාගම 14 හැවිරිදි පාසල් සිසුවියකගේ මව සහ ඥාතීන් පිරිසක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන බවට පොරොන්දු විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීමේ ජන රැලිය තිස්සමහාරාම නගරයේ පැවැති අවස්ථාවේදී දැරියගේ මව සහ ඥාති පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.