Colombo Today Local News

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

“මේ මැතිවරණයේදී ලබාදුන් දස අවුරුදු සැලැස්ම වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. මහ නගර සභා සීමාව තුළ සිටිය සමස්ත ජනතාවට සේවයක් ලබාදෙන බව අපි ප්‍රතිඥා දෙනවා. අපි දේශපාලනඥයන් ලෙස තේරී පත්ව සිටින්නේ අප වෙනුවෙන් විශාල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටින ජනතාව නිසයි. අපි ඒ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටු කරයි කියා බලාපොරොත්තුවෙන් ඒ අය පෙබරවාරි 10 වැනි දින අපට ඡන්දය ලබාදුන්නා. ඒ නිසා අපි එක පවුලක් ලෙස ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැපවෙමු කියලා මම සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.” යැයි කොළඹ මහ නගර සභාවේ පුරපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝසි සේනානායක මහත්මිය පැවසීය.

කොළඹ නගර සභාව කාර්යක්ෂම නගර සභාවක්. කොළඹ නගරය සුහුරු නගරයක් බව පත්කිරීමට ඇතුළුව ලබාදුන් සියලුම පොරොන්දු ඉටු කිරීමට අපි වගබලා ගත යුතුයි.

අවුරුදු 25ක්ම මේ නගර සභාව දිව්වේ මධ්‍යම රජයේ බලයක් නොමැතිවයි. මෙවර අපි නගර සභාවට තේරී පත් වූයේ එ.ජා. පක්ෂ ආණ්ඩු බලයක් යටතේයි. ඒ නිසා කොළඹ නගර සභාවට විශාල කාර්යභාරයක් ඉටුකරගැනීමට අපිට හැකියාව තිබෙනවා. ඒ වාගේම මා ඇතුළුව කොළඹ නගර සභාවට විශිෂ්ට ජයක් ලබාගැනීමට උපකාර කළ සියලුම දෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පළකර සිටිනවා

Related posts

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත්‍ර කැඳවීම ඇරඹේ

colombotoday

ජනපති ගෝඨාභය පළමු දින 10ට සිදුකල වැඩ 12

colombotoday

“තැන් තැන්වල අවලාද එපා.. කෙලින් එන්න“ – මන්ත්‍රී ප්‍රසන්නට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

Admin

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday