Colombo Today Local News

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඊයේ [29]දින මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

එම සම්මුඛ සාකච්ඡාවේදී 2019 වසරේදී සියයට 15 ක් වූ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 8 ක් දක්වා භාගයකින් අඩු කිරීමට වත්මන් රජය ගත් තීරණය වැරදි තීරණයක් බව අලි සබ්රි මහතා අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරි මාස 8 ක කාලය සඳහා දෛනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක මුදලක් වැයවෙන බවත් ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආදායම් පරතරය හා වියදම් පියවා ගැනීමට ක්‍රමයක් සොයා ගැනීම සඳහා බදු වැඩි කළ යුතු බවත් ඔහු පැවසීය.

දැනට පවතින වැට් බදු අගය නියත වශයෙන්ම තිරසාර නොවන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වැට් බදු අගය සියයට 13 ක් හෝ 14 ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

නැවත ජාත්‍යන්තර ණයහිමියන්ට ගෙවීම් ආරම්භ කිරීම පිළිබඳ අදහස් දක්වමින් “ජාත්‍යන්තර ණය හිමියන්ට ලබන වසරේ සිට නැවත ගෙවීම් සිදු කිරීම ආරම්භ කළ හැකි යැයි සුභවාදීව සිතනමුත් ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් ලබා දීම ඉතාමත් අපහසු කාරණයක්” යැයි අලි සබ්රි මහතා තවදුරටත් පැවසීය.

Related posts

පොලිස් වෙඩි පහරින් එක් ඇසක් නොපෙනන පාරේ ගිය රාජා මිය යයි

Admin

වසන්ත සමඟ සාකච්ඡා බිඳවැටේ සහල් ආනයන කොට උඩ?

Admin

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

බැසිල් පිලෙන් විමල්ට-ගම්මන්පිලට ප්‍රහාරයක්…

colombotoday

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

colombotoday