ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අද (29) දිනයේ තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම ඖෂධ තොගය රැගත් නෞකාව අද පස්වරුවේ මෙරටට ළඟා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එම ඖෂධ ඉදිරි මාස 02 කාලයක් සඳහා රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා භාවිත කළ හැකි බව ඔහු සඳහන් කරයි.
ඊට අමතරව විදේශ රටවල සිටින පුද්ගලයින්ගෙන් පරිත්‍යාග ලෙස විවිධ ඖෂධ වර්ග ලැබෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටි.