Uncategorized

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක්

භාණ්ඩ අලෙවියේදී නිවැරදි දත්ත අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් හෝ වෙළෙඳුන් විසින් මිලදී ගෙන බහාලුමක, ගුදමක, සයිලෝවක, ව්‍යාපාරික ස්ථානයක හෝ කුමන හෝ ස්ථානයක තබාගෙන සිටින භාණ්ඩවලට අදාළවයි.

ඒ අනුව අදාළ භාණ්ඩ තමාට සැපයූ නිෂ්පාදකයෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු, ගබඩාකරුවෙකු හෝ වෙළෙඳුන් ලිඛිත හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කරන කුවිතාන්සියේ හෝ බිල්පතේ හෝ ඉන්වොයිසියක් තම සන්තකයෙහි, පාලනයෙහි හෝ භාරයෙහි තබා ගත යුතුයි.

ඊට අමතරව අදාළ භාණ්ඩ ලබාදිය හැක්කේ එම කුවිතාන්සියේ හෝ බිල්පතේ, භාණ්ඩ සැපයුම්කරුගේ නම සහ ලිපිනය, මිලට ගත් දිනය, ගැණුම් මිල, භාණ්ඩ වර්ගයේ නම, ප්‍රමාණය සහ කාණ්ඩ අංකය ඇත්නම් පමණයි.

එම තොරතුරු ඇතුළත් නොවන භාණ්ඩ, විකිණීම, ගබඩා කිරීම, රැස්කර තබාගැනීම, බෙදාහැරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව, පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් දැනුම් දෙයි.

Related posts

ජනතාවගේ ප්‍රශ්න අමතකකර එජාපයේ අපි තනතුරු වෙනුවෙන් ගහමරා ගන්නවා !

colombotoday

ජනපතිගේ තායි සංචාරය මලික්ගේ සගයන්ට පමණයි. රටේ බදු මුදලින් සැප අරන් ඇවිත්.

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය අදත්

colombotoday

කඳුළු කතාවක මතක සටහන් …

colombotoday

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කෙරේ…

Admin