Colombo Today Local News

මේ ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් භාණ්ඩාගාරය කොල්ල කෑවා – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (26) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

පසුගිය වසර තුනේ රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් පුද්ගලික සමාගම්වලට ගොස් ඇති බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය. රජයට සම්බන්ධව සිටි සහ හිටපු සමහර අයගේ ඡන්ද ව්‍යාපාරවලට මෙම මුදල් ගොස් ඇති බවත්, අවුරුදු තුන තුළ මෙම මුදල් ඉතා සූක්ෂ්ම ලෙස ගොස් ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඒවා කළ අය මෙන්ම ඊට සහාය දුන් සහ එය දැක දැකත් බලා සිටි අය සම්බන්ධයෙන් රටක් ලෙස කෙසේ සිතිය යුතු ද යන්න කල්පනා කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා කී ජනාධිපතිවරයා, තමාගේ හෙට දවස ගැන නොසිතා මේවාට විරුද්ධවීමට සිදුවී තිබෙන බව ද කියා සිටියේය.

Related posts

රනිල් වාඩ්ඩෙක් නෙමේ.. රාජපක්ෂ හොරු රැල රකින්න පොරොන්දු උනානම් මම ජනාධිපති

colombotoday

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday

විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මත… ලංවීම මාස දෙකක් තුළ බිලියන අටහමාරක ලාභයක් ලබලා

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන තැන්

colombotoday

ආමි අසංක මරන්න ඩුබායි ගිය දෙන්නෙක් ඉන්දියානු ආරක්ෂක අංශ දැලේ

Admin