නෙදර්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් දේශීයත්වය වෙනුවෙන් තම ප්රතිපත්ති ඉදිරිපත් කල සහ මුස්ලිම් විරෝධියෙකු වූ G විල්ඩර්ස් නායකත්වය දැරූ එරට නිදහස් පක්ෂය පරාජයට පත්කොට එරට අග්රාමාත්යවරයා නියෝජනයකල සන්ධානයට මෙතෙක් නිකුත් කල ප්රතිපලවලට අනුව ජය හිමිවී තිබෙනවා.
මේ වන විට එරට මහා මැතිවරණයෙන් 93.5% ප්රතිපල නිකුත් කොට අවසන් වී ඇති අතර මන්ත්රී ආසන 150න් ආසන 76ක බහුතරය දිනා ගැනීමට අග්රාමාත්යවරයා නියෝජනය කරන සන්ධානය සමත්වී තිබෙනවා.
G විල්ඩර්ස් ගේ ජයග්රහණය වැලැක්වීම සදහා ලෝක මුස්ලිම් සංවිධාන උපරිම උත්සාහය දැරූ අතර යුරෝපයට තවත් ට්රම්ප් කෙනෙකු බිහිවීම නැවැත්විය යුතු බවට විරෝධතා විශාල සංක්යාවක් මැතිවරණ කාල සිමාව තුල දැක ගැනීමට හැකි විය.