Colombo Today Local News

උතුරට සිංහලයන් එපා.. පදිංචිකිරීම්වලට මා තරයේ විරුද්ධයි – විග්නේෂ්වරන් කෝප වෙයි

සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කරගෙන දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් යුතු මේ රජයත්, පසුගිය රජයත් උතුරේ සෑම දිස්‌ත්‍රික්‌කයකම සිංහල ජනාවාස ඇතිකිරීමට ගෙන යන උත්සාහයට තමන් තරයේම විරුද්ධ වන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ මෙවර පළාත් පාලන මැතිවරණයට දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් වී සිටින යාපනය දිස්‌ත්‍රික්‌කයේ අපේක්‌ෂකයන් කීපදෙනකු ඔහු හමු වූ අවස්‌ථාවේදීය.

මේ වනවිට දකුණේ සිංහල පවුල් 12,000 ක්‌ පමණ උතුරේ තැනින් තැන පදිංචි කොට සිංහල ජනාවාස ඇති කොට තිබෙන බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර එම තත්ත්වය උතුරේ දෙමළ දේශපාලනඥයන්ට අනාගතයේදී විශාල අභියෝගයක්‌ වනු ඇතැයි ද පවසා තිබේ.

මුල් කාලයේදී උතුරු පළාතේ සිංහල වැසියන් පදිංචි කරවීම සිදු වූයේ වවුනියාවේ පමණක්‌ වුවත් සිංහල වැසියන්ට කිසිදු අයිතියක්‌ නොතිබූ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පවා දැන් සිංහල ජනාවාස ඇති වෙමින් තිබෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

උතුරේ පවතින ජන අනුපාතය අනුව මහ මැතිවරණයකදී ඡන්ද 6000 ක්‌ 7000 ක්‌ ලබා ගන්නා ප්‍රධාන දේශපාලන පක්‌ෂයක අපේක්‌ෂකයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය හැකි නිසා උතුරේ සෑම දිස්‌ත්‍රික්‌කයකින්ම එක්‌ සිංහල මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට යෑවීමේ අරමුණින් මේ සිංහල ජනාවාස ආරම්භ කරගෙන යන බව තමන් ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී දැනගැනීමට ලැබුණු බවද ප්‍රධාන අමාත්‍යවරයා මැතිවරණ අපේක්‌ෂකයන්ට පෙන්වා දී තිබේ.

මෙම සැලසුම ක්‍රියාත්මක වීම නිසා අනාගතයේදී උතුරු පළාතේ ්‍රදේශපාලනයේ නිරත වන දෙමළ අපේක්‌ෂකයන්ට විශාල අසාධාරණයක්‌ මෙන්ම විශාල අභියෝගයක්‌ ද එල්ල වන බැවින් මේ කාරණය සම්බන්ධයෙන් උතුරු පළාතෙන් දේශපාලනයට පිවිසෙන සෑම දෙමළ දේශපාලනඥයකුම දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයිද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

– Divaina

Related posts

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin

මේ වසර තුන මම හිටියේ කම්පාවෙන්… සොබා දහම පවා යහපාලන රජයට ආශිර්වාද කරේ නෑ…

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

යහපාලනය කියා බලයට ආවට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නෑ.. – මල්වතු මහනාහිමියෝ පවසති

colombotoday

අක්‍රිය වූ PCR යන්ත්‍රය අළුත්වැඩියාවට චීන කාර්මිකයෙක්

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday