World

කමලා හැරිස්ට කොවිඩ්

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘උප ජනාධිපතිනියට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි රැපිඩ් සහ පී.සී.ආර්. වාර්තා දෙකෙන්ම තහවුරු වුණා. ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසු ඇය ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා. ඇය උප ජනපති නිල නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැලෙනවා’ යැයි කමලා හැරිස්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිස්ටින් ඇලන් පවසා තිබේ.

කමලා හැරිස්ගේ සැමියා ඩග් එම්හොෆ් ය. ඔහුට පසුගිය මාර්තු මාසයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය විය. එම අවස්ථාවේදී උප ජනාධිපතිනියට වෛරසය ආසාදනය වූයේ නැත.

ජනාධිපති ජෝ බයිඩන් ගැන ද විමසිල්ලෙන් පසුවන බවත් ඔහු ද නිරන්තරයෙන් කොවිඩ් -19 පරීක්ෂණවලට යොමු කරන බවත් ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ. 79 හැවිරිදි ජෝ බයිඩන් පමණක් නොව, කමලා හැරිස් ද කොවිඩ් -19 සඳහා නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන තිබේ.

Related posts

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

colombotoday

ඇමරිකානු තානාපති කාර්යාලයක් වෛරසයට ගොදුරු වෙයි. – ආසාදිතයින් 114 ක්, අයෙක් මරුට

colombotoday

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

Admin

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

Admin

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

Admin

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday