Colombo Today Local News

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

රජයේ වියදම් දැඩිව පාලනයට උපදෙස් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන් වෙතයි.

ඒ අනුව, දැනට ආරම්භ කිරීමට නියමිත සියලු ව්‍යාපෘති අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.

සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදුකර තිබුණ ද, මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් තැබීම, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීම, වැටුප් නොවන දීමනා බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය සමාලෝචනය කර පොදුවේ සියලු නිලධාරීන් වෙත ලබා දීම වෙනුවට සත්‍ය වශයෙන්ම එකී කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීම යනාදී කරුණු ද එම චක්‍රලේඛයට ඇතුළත්.

රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබාදෙන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම මෙන් ම සියලු සුබසාධන සහ සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර ඒවා අත්‍යාවශ්‍යයෙන් ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීමට ද එම විශේෂ චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

මීට අමතරව විවිධ චක්‍රලේඛ මගින් මේ වනවිටත් හඳුන්වා දී ඇති ඉන්ධන, සන්නිවේදන දීමනා, ජල හා විදුලිබල වියදම් ආදි සීමා කිරීම් මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම වැළැක්වීම, දේශිය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යයන චාරිකා සහ පුහුණුවීම් නැවැත්වීම ආදිය ද නව චක්‍රලේඛය මගින් තවදුරටත් බලාත්මක කර තිබේ.

සම්පූර්ණ චක්‍රලේඛය මෙසේය.

Related posts

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

colombotoday

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

colombotoday

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

colombotoday

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin