Colombo Today Local News

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

කඩු පොලු රැගත් පිරිසක් කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ගෙහිමියාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ තිබූ ඔප්පු සහ රුපියල් ලක්ෂ ගණන් වටිනා රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැලණිය පොලිසිය කියයි.

සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිය – පුතු දෙදෙනා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වරාගොඩ ප්‍රදේශයේ පදිංචි 63:හැවිරිදි පුද්ගලයෙකි.

මෙම කොල්ල කල්ලිය ඊයේ (26)දින රාත්‍රියේ මෙම නිවසට කඩා වැදී මෙම කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධියේ සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැත.

Related posts

අමුතුවෙන් වියත්තු අපට අවශ්‍ය නෑ… ඊලඟ ආණ්ඩුවේ මම කැබිනට් ඇමතිවරයෙක් !

colombotoday

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday

ජුනි 2ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුණොත් ව්‍යවස්ථා අර්බුදයක්

colombotoday