Colombo Today Local News

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

ලෝක ආර්ථික සංසදය විසින් ඉදිරිපත් කරන ලෝක නැගී එන ආර්ථික දර්ශකය/ඇතුළත් වූ සංවර්ධන දර්ශකයේදී
2018 වසරේදී ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුපසට ගොස් තිබේ.

2017 වසරේදී ශ්‍රී ලංකාව 39 වැනි ස්ථානයේ පසුවූ අතර 2018 වසරේදී ශ්‍රී ලංකාව 40 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුපසට ගොස් තිබේ.

ජීවන තත්ත්වය, පරිසර ආරක්ෂාව හා අනාගත පරපුර ණය බරින් ආරක්ෂා කරගැනීම යන මූලික කරුණු තුන පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කරයි.

මෙම දර්ශකයට අනුව අසල්වාසී ඉන්දියාවට හිමිව ඇත්තේ 62 වැනි ස්ථානයයි. චීනය 26 වැනි ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානය 47 වැනි ස්ථානයේ පසුවෙයි. බංග්ලාදේශය 34 වැනි ස්ථානයේත්, නේපාලය 22 වැනි ස්ථානෙයේත් පසුවෙයි.

ලෝකයේ හොඳම ආර්ථිකය ලෙස තවදුරටත් නෝර්වේ ඉදිරියෙන්ම පසුවෙන අතර, නැගී එන ආර්ථික අතර මුල් ස්ථානය ලිතුවේනියාව විසින් හිමිකරගෙන ඇත.

මේ වසරේදී දර්ශකය ගණනය කිරීමට රටවල් 103ක් යොදාගෙන ඇත. එයින් රටවල් 29ක් දියුණු රටවල් ලෙසත් රටවල් 74ක් දියුණු වෙමින් පවතින රටවල් ලෙසත් වර්ග කර ඇත.

-අද

Related posts

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

colombotoday

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

ආර්ථිකය නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති මොහොතක සැමරීමට ඇති අභිමානවත් නිදහස කුමක් ද? – කතෝලික සභාව

Admin

(VIDEO) අලුත් දේශපාලන පක්ෂය හැදෙන හැටි බැසිල් කියයි

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

පොලීසියේ කණ්ඩායමකට පහරදුන් අටලුගම පිරිස බන්ධනාගාරගත කෙරේ

colombotoday