Colombo Today Local News

ඊළම ඉල්ලීම යුක්ති සහගතයි – චන්ද්‍රිකා පාසල් ළමුන්ට කියයි (Video)

කාලාන්තරයක් තිස්සේ දෙමළ ජනතාවට රට තුල මුහුණ පෑමට සිදුවී ඇති වෙනස්කම් සලකා බැලූ කල ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමේ යුක්ති සහගත භාවයක් ඇති බව හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙයි.

සිංහල බහුතරයක් ජීවත් වන පලාත්වලට ලැබී ඇති සංවර්ධනය දෙමළ ජනතාවට ලැබී නැති බව සත්‍යයක් යැයි පිළිගත් දෙවරක් මෙරට විධායක ජනාධිපතිධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, “අපිට කෙරෙන්නේ නැත්තම් අපිට වෙනත් රටක් දෙන්න,” යනුවෙන් දෙමළ ජනතාව රජයෙන් ඉල්ලීම සාධාරණ බව සඳහන් කළාය.

ඇගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය විසින් පවත්වනු ලබන “සහෝදර පාසල්” ශිෂ්‍ය කඳවුරෙහි 9 වැනි අදියර අවසන ඊයේ (22 ) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයදී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිනිය කියා සිටියේ ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත්, විශාල ජනගහනයක් නොමැති වුවත් දශක ගණනාවක් බෙදී වෙන්ව ජීවත්වූ ජන කොටස් එකිනෙකා හඳුනා නොගැනීම යුද්ධයක් දක්වා දිග්ගැසුනු බවයි.

ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුලින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීම “සහෝදර පාසල්” වැඩ සටහනෙහි අරමුණ වී තිබේ.

ප්‍රභාකරන්ගේ පැමිණීම:

රටේ භයානක යුද්ධයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව එකිනෙකාගේ භාෂාවල් කතා කිරීමට නොහැකියාව බවට ඇය මාධ්‍ය හමුවේදී තරයේ විශ්වාසය පළ කළාය.

“එහෙම නැතිවුණා නම් මේ රටේ ප්‍රභාකරන් කෙනෙක් බිහි නොවෙන්න තිබුනා.”

දෙමළ, මුස්ලිම් ප්‍රෙද්ශවලට සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුයේද අසමානතාවයෙන් යුතුව බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක පිළිගත්තේය.

ජාතීන් අතර නැතිවි ගිය වැටහීම ගොඩනගා ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික සංහිදියාව හා කාර්යාංශය එම කටයුතු මේ වන විට සිදු කරගෙන යන බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුලින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීම “සහෝදර පාසල්” වැඩ සටහනෙහි අරමුණ වී තිබේ.

(radiogagana)

Related posts

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගෑස් පිපිරීම් ගැන නිවේදනයක්

colombotoday

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday