Colombo Today Local News

අයවැය සම්මතකරගන්න TNA මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා…

මෙවර අයවැය සම්මත කර ගැනීම සදහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුට අගමැතිවරයා යටතේ පවතින ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබා දුන් බව එම සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් පවසයි.

“මව්බිම“ පුවත්පත සමග අදහස් පළකරමින් මන්ත්‍රීවරයා මේ පිළිදව හෙළිදරව් කර තිබේ.

“දෙමළ ජාතික සන්ධානය මෙවර අය-වැයට විරුද්ධව ඡන්දය ලබාදීමටයි පළමුව තීරණය කර සිටියේ. ඒ තවමත් අපගේ ජනතාවගේ ඉල්ලීම් ඉටු නොවීම හා යුද්ධයක් රටේ නොමැති පසුබිමක ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන් කිරීමත් යන කාරණා හේතුකරගෙනයි. නමුත් හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්‍රමුඛ පිරිස අය-වැයට සහාය ලබාදීමට තීරණය කළා.

මේ පිළිබඳව සොයා බැලීමේදී තමයි මෙම සිදුවීම මට හෙළි වුණේ. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රතිපාදන ලෙස හිමි වනුයේ කෝටියක මුදලක් පමණයි. නමුත් මා හැර දෙමළ ජාතික සන්ධානයේ ඉතිරි මන්ත්‍රිවරු පහළොස් දෙනාට තවත් කෝටිය බැගින් හිමිව තිබෙනවා. ඒ කොහොමද?

එම මුදල වියදම් කිරීමට සැලසුම් කර නැහැ. ඒ අනුව මට පෙනී යනුයේ එය දේශපාලන අල්ලසක් ලෙසයි. මම අය-වැයට විරුද්ධව කතා කළ නිසා මට මේ මුදල ලබාදී නැහැ. මම හිතන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු මේ කළ ක්‍රියාව වැරැදි කියලයි.

මේ පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥාණමුත්ත ශ්‍රීනේෂන් මන්ත්‍රීවරයා “මව්බිම“ පුවත්පතට අදහස් දක්වමින් මෙසේ පවසා ඇත.

“ශිවශක්ති මන්ත්‍රිවරයා කට තිබෙන පළියට මෝඩ කතා කියනවා. අපි කිසිම අල්ලසක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ. එය අපට ඔප්පු කරන්න පුළුවන්. යුද්ධය නිසා උතුර නැඟෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු බොහොමයක් සිදු කරන්න තිබෙනවා. ඒ නිසා අපිට ලැබෙන ප්‍රතිපාදන මදි කියලා අපි ආණ්ඩුවට කිව්වා. ඒ අනුව විපක්ෂ නායකවරයා හරහා අග්‍රාමාත්‍යවරයා හමුවුණා. අපිට ලැබෙන ප්‍රතිපාදන මදි ජනතාවට සේවය කරන්න කියලා අපි අග්‍රාමාත්‍යවරයාට සෘජුවම ප්‍රකාශ කළා. ඒ අනුව තමයි අග්‍රාමාත්‍යවරයා තවත් කෝටිය බැගින් අග්‍රාමාත්‍ය මූල්‍ය ප්‍රතිපාදන හරහා අපේ මන්ත්‍රිවරුන් පහළොස් දෙනකුට ලබා දුන්නේ. ඒ මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ ව්‍යාපෘති සඳහායි. අපේ මන්ත්‍රිවරු පහළොස් දෙනකු විසින් අග්‍රාමාත්‍යවරයාට ව්‍යාපෘති භාරදුන්නා. ඒවාට තමයි මුදල් ලැබුණේ.

පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාටම විමධ්‍යගත අය-වැයෙන් සිය ආසනවල සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන්නේ රුපියල් කෝටියකි. මේ වරප්‍රසාදය සියලුම මන්ත්‍රිවරුනට හිමි වූවකි. කිසිසේත් තෝරාගත් මන්ත්‍රිවරුන් පිරිසකට පමණක් විමධ්‍යගත අය-වැයෙන් වැඩි මුදලක් ගෙවීමට ප්‍රතිපාදන සැලසී නැත. සෑම මන්ත්‍රිවරයකුටම ලැබෙන්නේ එක සමාන වරප්‍රසාදයක් බැවිනි. එසේ වුවත් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් මහතා පවසන අන්දමට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 16 දෙනාගෙන් 15 දෙනකුට පමණක් විමධ්‍යගත අය-වැයෙන් රුපියල් කෝටියක මුදලක් වැඩිපුර ලබාදී තිබේ. එම සන්ධානයේ මන්ත්‍රිවරයකු වන ආනන්දන් මහතාට එම වරප්‍රසාදය සලසා දී නැත.”

Related posts

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday

අලුත් පොලිස්පති ‘පොලිස් දෙපාර්තමේන්තුව’ නැති කරයි.. අවසාන මාධ්‍ය සාකච්ඡාවත් තියයි

colombotoday

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

2020 වනවිට මාරාන්තික දුම්කොළ වගාව සහමුලින්ම තහනම් කරනවා – ජනපති අවධාරණය කරයි

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නැහැ ‘පැන්ඩොරා‘ හෙළි කළ ඩොලර් වහාම රටට ගෙන එන්න

colombotoday