Colombo Today Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවට ජනපතිගේ ප්‍රශංසාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටු වාර්තාව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්, ගාමිණී සෙනරත් මහතා මේ බව සඳහන් කර ඇත.

එම කටයුත්ත වෙනුවෙන් දැඩි කැපවීමෙන් යුතුව අගනා මෙහෙවරක් ඉටුකළ කමිටුවේ සභාපතිවරයාට හා සාමාජිකයින් හට ජනාධිපතිවරයා ප්‍රශංසා කළ බව ද එම නිවේදනයේ දැක්වේ.

ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණින් රජය විසින් එම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සලකා බලන බව ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

colombotoday

අද රාජිතගේ පටි රෝල් !

colombotoday

දුරකථන, අන්තර්ජාල සහ රූපවාහිනී සේවා ගාස්තු 3%කින් ඉහළට

Admin

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Admin

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday

කැබිනට් ඇමතිකමක් ගැනීමට සුදුසුකම හොරෙක් වීමයි… මටත් දැන් හොරෙක්, දූෂිතයෙක් වෙන්න හිතෙනවා

colombotoday