වසර තුනක් තමන් ආර්ථිකය කළමනාකරණය කිරිමට එක්සත් ජාතික පක්ෂය භරදුන් බවත්, එහෙත් මේ වන විට රට තුළ බරපතල ආර්ථික ප්රශ්න ඇතිව තිබෙන බවත්, එබැවින් මේ වසරේ සිට ආර්ථික කළමනාකරණය තමන් යටතට ගන්නා බවත් ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා පවසයි.
ශේෂයෙන්ම ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා තමන් මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කෑගල්ලේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්රචාරක රැළියක් අමතමිනි.