Colombo Today Local News

රැකියාවක් දෙන්න ලක්ෂ 3ක් ගත්තා. වැඩකලේ ජාතිවාදී ලෙසයි. කබීර්ට විරුද්ධව සිරිකොතට පැමිණිලි ගලා එයි

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් අමාත්‍යවරයා යටතේ ඇති ආයතන සංඛ්‍යාව 220 කි. එම ආයතන තුල වසර 3 ඇතුලත කිසිදු සාධාරණත්වයක් පාක්ෂිකයන්ට සිදු කර නැතැයි පවසමින් පැමිණිලි රාශියක් සිරිකොත පක්ෂ මුලස්ථානයට පැමිණ ඇතැයි දැනගන්නට ලැබේ.

ඔහුගේ ආයතනවල ඇති පුරප්පාඩු සඳහා රැකියා ඉල්ලුම්පත්‍ර ලබාගෙන සම්මුඛ පරීක්ෂණ සිදුකලත් පාක්ෂිකයන්ගේ දරුවන්ට කිසිදු රැකියාවක් නොදුන් බවත්, ඔහුගේ මස්සිනා වන අමත්‍යංශ ප්‍රධාන විධායක නිලධාරී රිකාස් නමැත්තා විසින් රැකියාවක් සඳහා රුපියල් ලක්ෂ 3 ක් බැගින් අයකර හිතවත් මුස්ලිම් ජාතිකයන්ට රැකියා අලෙවි කර ඇතැයි රැකියා ඉල්ලුම් කල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පැමිණිලි කර ඇත.

එම ආයතන 220 ට පත්කර ඇති අධ්‍යක්ෂවරුන් පත් කිරීමට යාමේදී රුපියල් මිලියන ගණන් ලබාගත් බවට චෝදනා කරයි.

ඒවාගේම රැකියා ඉල්ලුම්කරුවන් කාර්යාලයට කැදවා උදෑසන 5 සිට සවස 2 සිට කාර්යාලයේ රදවා තබාගෙන පෞද්ගලික ලේකම් රිඛාස් පැමිණ එම පිරිසෙන් මුස්ලිම් ජාතිකයින් වෙන්කර රැකියාවන් ලබා දී ඇතැයි අනාවරණය වේ. මෙලෙස ජාතිවාදී ලෙස කටයුතු කිරීම බහුතර සිංහල ජනතාවට එජාපය එපා වීමට හේතූ වූ බව එම පිරිස් පෙන්වා දෙයි.

– lankaepuvath –

Related posts

ඇමෙරිකානු නීතිය ගෝඨාට බලපායිද?

colombotoday

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

සමහරුන් රටේ නායකය මැරෙන්නේ කවදාදැයි ඔහුගේ කේන්දරය ගෙන බලනවා… වෙන රටවලනං එහෙම නෑ

colombotoday

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday