Colombo Today Local News

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස්දී ඇත.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය හදිසියේම මෙසේ නතර කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් යම් යම් විරෝධතාද පසුගිය කාලයේදි එල්ලවීය.

බත්තරමුල්ල වියත්පුර නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

නිවාස ලබා ගැනීමට බැංකු ණය ක්‍රමයක් යටතේ සහනදායි ණය ලබාදීම එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

ඒ යටතේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කෙරුණු බව ද වාර්තාවේ.

එම නිවාස ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට සිය විරෝධය මතු කර ඇතැයි වාර්තා වේ.

Related posts

ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටු

Admin

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධ වලින් කපා සිටි අයෙක් මරුට

colombotoday

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday

99 බද්දට හම්බන්තොට වරාය චීනෙට විකුණාදැමීමේ ගිවිසුම් සකස්කර අවසන්

colombotoday

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

කාති උසාවි පිළිකුල් සහගතයි. මුස්ලිම් කාන්තාවක් අධිකරණ අමාත්‍යංශයට

colombotoday