Colombo Today Local News

රඹුක්කන සිද්ධිය : සැකකරුවෙක් සි.අයි.ඩි අත්අඩංගුවට

රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු නිල් පාට ටී ෂර්ට් එකක් සහ හමුදා කැලෑ ඇඳුමට සමාන කොට කලිසමකින් සැරසී විරෝධතාවය සිදුවූ අවස්ථාවේ දුම්රිය මාර්ගය හරස් කර නවතා තිබූ බවුසරයේ ඉදිරිපස ගින්න හටගෙන තිබූ ස්ථානයේ තිබී යමක් ඉවතට විසි කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සැරිසරමින් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු රඹුක්කන පින්නවල මාවතේ පදිංචි (28) පුද්ගලයෙකි.

සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (23)දින පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරු 19කට ස්ථාන මාරු

colombotoday

‘රට වෙනුවෙන් එකට සිටිමු‘ ජාතික වැඩසටහන අද ඇරඹෙයි…

colombotoday

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday