Colombo Today Local News

බැදුම්කර වාර්තාවේ වැදගත්ම කොටස හංගලා.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ බාගයයි

බැදුම්කර වාර්තාවට අදාළ වෙළුම් දෙකකින් යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා කැෆේ සංවිධානය කථානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

බැඳුම්කර වාර්තාව වෙළුම් තුනකින් සමන්විත බවත්, එයින් වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ සලකුණු කළ ලේඛන‘ සහ සාක්ෂි සටහන් මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යොමු කළ එම ලිපියේ දැක්වේ.

බැඳුම්කර වංචාව හා ඊට සම්බන්ධ පාර්ශ්ව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා තාර්කික දත්ත පාදක කරගෙන නිගමනයන්ට එළඹීම සඳහා ඒවා අත්‍යවශ්‍ය බව ද, එනිසා එම තොරතුරු ඇතුළත් කොටස පාර්ලිමේන්තු මන්ත්‍රීට ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා තිබේ.

Related posts

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

colombotoday

‘‘මහජන ආරක්ෂක ඇමැති’’ නව කැබිනට් තනතුරට රියර් අද්මිරාල් සරත් වීරසේකර ?

colombotoday

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

ලංකාවෙන් සොරකම් කල 18 වැනි ශත වර්ෂයට අයත් බුද්ධ ප්‍රතිමා දෙකක් යලි භාරදෙයි

colombotoday

විග්නේෂ්වරන් නැවතත් පන්දම අතට ගනී.. හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තයට ගතු කියයි

colombotoday

වේරංග අද අධිකරණයට

colombotoday