Colombo Today Local News

74 වැනි නිදහස් සැමරුමට පොලිසියෙන් පැළ දස ලක්ෂයක්

74 වැනි නිදහස් සැමරුම් උළෙලට සමගාමීව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ මූලික අදියර පෙරේදා (2) දා පෙරවරු 8.30 ට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඥවීදීය පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ අදහසකට අනුව ප්‍රථම අදියරේ පලතුරු පැළ 1000 ක් කොළඹ මධ්‍යම කොට්ටාසය තුළ පෝච්චිවල සිටුවීම ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව බද්ධ කළ පලතුරු පැළවලට ප්‍රමුඛතාව හිමිවන අතර කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ඒකක විසින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටු මගින් නඩත්තු කටයුතු සිදුකෙරෙන බවත් කොළඹ මල්වත්ත පාර මහජන බැංකුව සහ දිස්ත්‍රික් 306/2 බී සිංහ සමාජය සහයෝගය ලබාදුන් බවත් නිශාන්ත චන්ද්‍රසේකර මහතා පවසයි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉදුනිල් රාජපක්ෂ මහතා ප්‍රථම අදියර වැඩසටහන සංවිධානය කළේය.

Related posts

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

රනිල් දිවුරුම් දෙයි. විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ උද්ඝෝෂණයක

colombotoday

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

කැබිනට් අමාත්‍ය ධූර අඩු කර, රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යංශයෙන් සැලසුම්

colombotoday

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday

මිලියන 4ක් QR කේතය හරහා ඉන්ධන ගැනීමට ලියාපදිංචි වෙයි

colombotoday