ජාතිවාදය අවුලවන ආකාරයේ ප්රකාශ සිදු කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කල ඩෑන් ප්රියසාද් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඔහු නැවත වරක් ලබන දෙසැම්බර් 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කර තිබෙනවා.
මේ අතර භික්ෂූන් වහන්සේට අපහාස කර ආගමි ගැටුමක් ඇති කිරීමට උත්සහා දැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැති අය 29දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින අතර ඔහුටද ඇප ලබා දීම සිදු නොකෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.