හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් හත්දෙනාගෙන් පස්දෙනෙකු ඉවත් කර ඇතැයි වාර්තා වේ.
විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙක් ඉවත් කෙරුණු පසුවද ඔහුට පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරයෙකු ඇතුළු කොස්තාපල්වරු සිවු දෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබුණු අතර, අද සිට ඔහුගේ ආරක්ෂාවට ලබා දී තිබෙන්නේ කොස්තාපල්වරු දෙදෙනෙකු පමණක් බවද පැවසේ.