Colombo Today Local News

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

යහපාලන රජයේ පක්ෂ වෙන වෙනම පළාත් පාලන මැතිවරණයේදී තරග කළත් ගමේ ආණ්ඩු පිහිටුවන්නේ සියලු පක්ෂ එකතුවෙන් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

මැතිවරණ වේදිකාවලදී කුමක් ප්‍රකාශ කළත් ගමේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක්ම විය යුතු බවට දැනටම තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

යහපාලන රජයේ එක් පක්ෂයක් පමණක් පළාත් පාලන ආයතන තුළ බලය පිහිට වුවහොත් එහිදී ආණ්ඩුව නියෝජනය නොවන බවත් එවිට සංවර්ධන කටයුතුවලදී බාධා පැමිණිය හැකි බවත් ඔහු කීය.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා යහපාලන රජයට සම්බන්ධ සියලු පක්ෂ එක්ව ගමේ ආණ්ඩුවේ බලය පිහිටුවන බව අමාත්‍යවරයා පැවසීය.

දේශය

Related posts

විල්පත්තු සංහාරය තවදුරටත් – අක්කර 175ක් පලතුරු වගා සමාගමකට

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශවලට එළියේදී නඩු පැවරිය නොහැකි – කථානායක කියයි

Admin

වරාය ගිවිසුමෙන් රටට වෙන විපත විජේදාස පහදයි.. ඇමති රොත්තම මූණට කඩාපනී !

colombotoday

එස්. බි. හා ඩිලාන්ට එරෙහිව නිදහස් පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday