Colombo Today Local News

ඉන්දියාව 100වැනි චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කරයි

ඉන්දියාව සිය 100 වැනි චන්ද්‍රිකාව අද අභ්‍යවකාශගත කළේය.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් වන, අඩු වියදමින් අභ්‍යවකාශ සේවාවන් ලෝකයට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ අද දින මෙම 100 වැනි චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කෙරිණි.

මීට සමගාමීව කුඩා චන්ද්‍රිකා 31ක් ද අද අභ්‍යවකාශ ගත කෙරුණු බව විදෙස් වාර්තා පවසයි.

ඉන් අඩකට වඩා අධික නැනෝ සහ මයික්‍රෝ චන්ද්‍රිකාවන් අමෙරිකාවේද, ඉතිරිය ඉන්දියානු, කැනේඩියානු, ෆින්ලන්ත, ප්‍රංශ, දකුණු කොරියානු සහ බ්‍රිතාන්‍ය චන්ද්‍රිකාවන් වේ.

ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ නිෂ්පාදන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ වේ.

සිදුකෙරුණු නවතම අභ්‍යවකාශගත කිරිම තුළින්, ලෝක වෙළඳපොලේ සිය ස්ථානය තව දුරට ත් දියුණු කරගත හැකි බවට අගමැති මෝදී ප්‍රමුඛ රජය බලාපොරෙත්තු වන බව ද විදෙස් වාර්තා පවසයි.

Related posts

ලංකාවට IMF සල්ලි ගන්න තවත් වැඩ ටිකක් කරන්න තිබෙනවා – සාගල රත්නායක

Admin

ලංකාවේ තියෙන්නෙ කුණු වෙච්ච රාජ්‍ය සේවයක්

Admin

රාජකාරියේ සිටි ඇමැති ආරක්ෂක නාන කතක් විඩියෝ කරලා

Admin

යහපාලන ආණ්ඩුවේ ජනපති, මුදල් ඇමති වෙලා… මුදල් ඇමති, ජනපති වෙලා !

colombotoday

සංහිදියාවට බාධාවක්, බුදු පිළිමය නොතබනු – හර්ෂද සිල්වාගෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට අණ

colombotoday

බැදුම්කර මගඩිය ගැන සාක්කි දෙන්න අර්ජුන්, ජනපති කොමිසමට එයි !

colombotoday