Colombo Today Local News

වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ වැඩ භාර ගනි.

වෙළඳ අමාත්‍ය හා සමෘද්ධි සංවර්ධන කැබිනට් අමාත්‍ය වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පෙරේදා(18) දිවුරුම් දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (19) දින දහවල් සමෘද්ධි අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඉදිරිපිට නව කැබිනට් අමාත්‍යවරයා ලෙස සමෘද්ධි අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම සිදු කළේය.

මෙම අවස්ථාවට සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුන් වන නාලිකා පියසේන, ආර්.එම්.කේ රත්නායක, සී.ඩී කළුආරච්චි, හේමා පෙරේරා, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි , සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත ගුණරත්න ඇතුලු අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරින් සහ කාර්යය මණ්ඩලය සහභාගි වූහ.

Related posts

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

වැඩ බලන ඇමැතිවරු 05ක් පත් කරයි

colombotoday

පොලීසිය හොර වැඩක: ඥාණසාර හිමිගේ නඩුවේ බී වාර්තාව වෙනස් කරයි!

colombotoday