Colombo Today Local News

සහරාන්ගේ වාහනේ භාවිතා කරන්නේ හිටපු පොලිස් ඇමති – බීබීසී මාධ්‍යවේදියාගේ අනාවරණයට ඇමතිගෙන් උත්තර

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ බවට සැලකෙන සහරාන් හෂීම් විසින් භාවිතා කළ ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 රථය වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් බව BBC කොළඹ වාර්තාකරු රංග ශ්‍රීලාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කර තිබෙනවා.

මේ පිළිබඳව අද දින පාර්ලිමේන්තුවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සරත් වීරසේකර මහතාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී පිළිතුරු ලබාදුන් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ, මේ පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් විමසූ විට එය රාජසන්තක කල වාහනයක් වන අතර එය පොලිසියට බාර දී ඇති බවත් පසුව පොලිසිය විසින් විශේෂ කාර්ය බලකායට දී ඇති බවත්ය.

එම වාහනය තමා භාවිතා නොකරන බවත් සරත් වීරසේකර මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

– උපුටා ගැනීම –

This is the Toyota Land Cruiser V8 that was used by Zahran Hashim of NTJ who led the Easter Sunday bombings. Reports that @ReAdSarath is using this. Can a court production be used by a politician? Attn Cardinal Malcolm Ranjith

Related posts

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

ප්‍රශ්නයක් අහපු ගමන් ලිච්ඡවී පැන දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගැන මල්වතු නාහිමිගෙන් අගමැතිට යෝජනා කිහිපයක් !

colombotoday

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

අගමැති ධුරය අතහරින්න සූදානම්

colombotoday

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

colombotoday