Colombo Today Local News

වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කරන්න රනිල් රට භාරගන්න සූදානම්

ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ජනාධීපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වී ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ පාලනයක් ඇතිකළ යුතු මෙන්ම එවැනි වෙනසක් ඇති කරන තෙක් කිසිවෙකුට පාලනය භාරගත නොහැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා කී බවත් විජේරත්න මහතා සඳහන් කරයි.

පෞද්ගලික පොදු ප්‍රවාහන සංගම් නියෝජිතයින් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර කොළඹ මල්පාරේ පිහිටි නිවෙසේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී හිටපු අග්‍රාමාත්‍යවරයා එසේ පවසා තිබේ.

Related posts

අයවැයට ඡන්දය දීමටනම් TNA, මුස්ලිම් කොංග්‍රසයෙන් මාරාන්තික කොන්දේසියක්…

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

ඊළඟ ඡන්දෙදි ජනතාව රංජන්ගෙත් හරීන්ගෙත් හොම්බට ගහනවා

colombotoday

ඔබාමා ලංකාවට එන්නයි හිටියේ.. වෙසක් නිසා බැරිවුණා.. අපරාදෙ !

colombotoday

අගමැති සියලු රාජ්‍ය හා පෞ. බැංකු ප්‍රධානීන් හමුවෙයි.

colombotoday

නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් අද ඇරඹේ

colombotoday