Colombo Today Local News

කන්කසන්තුරේ වරාය ඉන්දියාවට? නවදිල්ලියේදී ගිවිසුමක් අත්සන් කෙරේ !

කන්කසන්තුරේ වරාය සංවර්ධනය පිළිබදව ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 45.27(රු.බි. 6.9) ක මූල්‍යාධාර ලබාදීම සඳහා වන මෙම අවබෝධතා ගිවිසුමට ඉන්දීය අපනයන හා ආපනයන බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ඩේවිඩ් රස්කානාත් මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් පසුගිය දින නවදිල්ලියේ දී අත්සන් තබනු ලැබීය.

අදියර හයක් යටතේ මෙම වරාය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී ලැබෙන ඉන්දීය මූල්‍යාධාර යටතේ දියකඩනය හා ජැටිය පුනරුත්ථාපනය කිරීම සහ , වාණිජ භාණ්ඩ මෙහෙයුම් සදහා නව ජැටියක් ඉදිකිරීමට නියමිතය.

හම්බන්තොට වරාය චීනයට පැවරීම නිසා කන්කසන්තුරේ සහ පළාලි ගුවන්තොටුපළ මිළදී ගැනීමට ඉන්දියාව මාන බලන බව මෙරට ආර්ථික හා දේශපාලන විශ්ලේෂකයන් මීට පෙර අනතුරු අගවා තිබිණි. කන්කසන්තුරේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය මුළුමනින්ම ඉන්දීය මූල්‍යධාර යටතේ සිදුවන අතර, ඒ හරහා කන්කසන්තුරේ වරාය උපක්‍රමික ලෙස ඉන්දියාව අත්පත් කරගැනීම නොවැළැක්විය හැකිවනු ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

මේ අතර ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සදහාද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වත්කම් ගොඩනැගීමට චීනයට ලබාදෙන අවස්ථාව ගැන ඉන්දියාව පලකළ කනස්සල්ල සමනය කිරීමටත් ඉන්දියාව හා චීනය අතර සමබරතාවක් ඇති කිරීමටත් ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරිපත් කර ඇතැයිද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

 

Related posts

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

නාමල් කුමාරගේට එරෙහිව නියෝජ්‍ය ඇමතිගෙන් පැමිණිල්ලක්.. අත්අඩංගුවට ගන්න ඉල්ලයි..

colombotoday

“මගේ දරුවන්ටත් වඩා මම මොරගහකන්ද ජලාශයට ආදරේයි” – ජනපති මෛත්‍රී කදුළු සලයි…

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

colombotoday

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday