Colombo Today Local News

රාජ්‍ය දේපළ විකුණාගෙන කෑමේ ඉතිහාසයෙන් බිදක් මෙන්න !

රාජ්‍ය දේපොල මංකොල්ලය ජේ ආර් ජයවර්ධන යුගයේ පටන්ම යහමට සිදුවූ හැටි වික්ටර් අයිවන්ගේ චෞර රාජ්‍යය පොතේ බොහෝ උදාහරණ සහිතව පෙන්වා තිබේ. රාජ්‍ය දේපල විකිණීම බරපතලම ලෙස සිදුවූයේ ආර් ප්‍රේමදාස හා චන්ද්‍රිකා බන්ඩාරණායක ජනාධිපතිවරු යටතේ බව එහි පෙන්වා දී ඇත. ආසියාවේ අනෙකුත් රටවල් තමුන්ගේම කර්මාන්ත ගොඩනගද්දී මේ අය කලේ ඔවුන්ට පෙර රජයන් විසින් අරඹා තිබූ කර්මාන්ත හා ව්‍යාපාර විකුණා කෑමයි.

ප්‍රේමදාස ජනාධිපති යුගයේ විකුණූ රාජ්‍ය දේපල සමහරක්….

තුල්හිරිය , පූගොඩ හා වේයන්ගොඩ රෙදි කම්හල්
දන්කොටුව පෝසිලේන්, ලංකා සෙරමික් හා ලංකා පෝසිලේන් කම්හල්
මහවැලි මැරයින් සිමෙන්ති, රුහුනු සිමෙන්ති හා පුත්තලම සිමෙන්ති කම්හල්
බෝගල පතල හා කහටගහ මිනිරන් පතල
කැලණි ටයර් , ලංකා ඔක්සිජන්, ලංකා ඩිස්ටිලරීස්, ලංකා ලෝහ, තෙල් සහ මේද, ලංකා සම්බාන්ඩ, ලංකා මිල්ක් ෆුඩ්, ලංකා කඩදාසි හා හිගුරාන සීනි කම්හල්
හුන්නස් ෆෝල්ස් හෝටලය, ට්‍රාන්ස් ඒෂියා හෝටලය, ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලය හා කොළඹ ජාත්‍යන්තර පාසැල.

චන්ද්‍රිකා ජනාධිපතිනි යුගයේ විකුනූ රාජ්‍ය දේපල සමහරක්….

බොගවන්තලාව, අගරපතන, මස්කෙලිය, අගලවත්ත කැලණිවැලි, හොරණ, කැගල්ල, පුස්සැල්ලාව, බලංගොඩ, මතුරට, නමුනුකුල, වටවල, තලවකැලේ හා තවත් බොහෝ තේ වතු.
වයඹ පොහොර, රුහුණු පොහොර, රජරට පොහොර හා සී සී සී පොහොර සමාගම්.
පැලවත්ත සීනි සමාගම, සෙවනගල සීනි සමාගම හා කන්තලේ සීනි වගාව.
කොළබ ගෑස් සමාගම, ලංකා වානෙ සංස්ථාව, ලංකා තුනී ලෑලි සංස්ථාව හා ලංකා ග්ලාස් සමාගම.
ලංකා ලුබ්‍රිකන්ට් , ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, ලංකා ට්‍රැක්ටර්ස් හා සතොස මෝටර්ස්.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, , ලංකා සංවර්ධන බංකුව, පීපල්ස් මර්චන්ට් බැංකුව හා ලංකා වානිජ බැංකුව.

අප මේ එලෙඹෙමින් සිටින්නේ ඉහත වාර්ථා බිඳහෙලීමේ යුගයකටයි. මන්ද රාජ්‍ය දෙපල විකීණීම අද රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ථිය වී ඇති බැවිනි. හම්බන්තොට වරාය දැනටමත් රටට අහිමි වී ඇත. තවත් ජාතික සම්පත් පෝලිමක් ඉදිරියේදී විකිනීමට නියමිතය….

අචාර්ය නාලක ගොඩහේවා – FB

Related posts

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන කළ පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට…

colombotoday

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

Admin

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday