Colombo Today Local News

ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

ජල ගැලීම් වලින් නිතරම පාහේ අර්බුදයට ලක්වන කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි ප්‍රදේශවල කිසිදු ප්‍රයෝජනයකින් තොරව මහ මුහුදට ගලාගෙන යන ජලය නල මාර්ගයෙන් උතුරට, උතුරුමැදට සහ නැගෙනහිරට ගෙන යාමේ වැඩපිළිවෙළක් මේ වසරේ සිට සැලසුම් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැදිරිගිරියේ දියසෙන්පුර දී ඊයේ(11) පැවති රැස්වීමකදීය.

යල මහ කන්න දෙක පිළිබඳව අලුත් වැඩසටහනක් සහ කාලසටහනක් මේ වසරේ සිට සකස් කරන බව ද, භූ විද්‍යාඥයින් සහ තාරකා විද්‍යාඥයන් කැඳවා තමන් කළ සාකච්ඡාවක දී ඔවුන් මේ බව කියා සිටි බවද ජනපති අවධාරණය කළේය.

Related posts

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹට

Admin

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin