Colombo Today Local News

අද විදුලි කප්පාදුව පැයකින් අඩු වෙයි

අද (18) දිනයේ සැලසුම් කර තිබු විදුලි කප්පාදුව පැයකින් අඩුකිරිමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය වු ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් පෙරොන්දුවත් සමග එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අද දිනයේ දි පැය 4යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරිමට මීට පෙර සැලසුම් කර තිබු අතර ඉන්ධන සැපයීම හේතුවෙන් එය පැය 3 මිනිත්තු 30 දක්වා අඩුකිරිමට නියමිතය.

මේ අතර හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී ද පැය 4යි මිනිත්තු 50 කාලයක් විදුලිය කප්පාදු කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

දිවා කාලයේ දී පැය 3 යි මිනිත්තු 20ක් සහ රාත්‍රී කාලයේ දි පැයයි මිනිත්තු 30ක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

මේ අතර මෙරටට ළඟා වී ඇති ගල්අඟුරු රැගත් නෞකා සඳහා මුදල් ගෙවීම් අද දිනයේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

Related posts

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday