Colombo Today Local News

ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ අලුත් තීරණයක්

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට තිරණය කර තිබේ.

කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පැවති එම කණ්ඩායමේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇති.

Related posts

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

colombotoday

රෑට රෑට හොරෙන් හදන කළුබෝවිල මුස්ලිම් පල්ලිය ගැන කීවාට එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් පොලීසි යයි !

colombotoday

ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහරි

colombotoday

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

මහජන ධනයේ ආරක්ෂකයෝ ජවිපෙ යයි.. පාලකයින්ගේ වංචා දුෂණ අඩුවෙන්න හේතුව ජවිපෙයේ පාර්ලිමේන්තු නියෝජනයයි

colombotoday