ඩීසල් නොමැතිවීම හා ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයාම වෙනුවෙන් රජයට විරෝධය පාමින් නුවරඑළියට නගරයට එක්රැස් විශාල පිරිසක් නුවරඑළිය නගරයේදී අද (01) දැවන්ත විරෝධතාවය නිරතවුහ.
නුවරඑළිය නගරයේ බස් නැවතුම්පොල භූමිය ඉදිරිපිටට එක්රැස් වු විශාල පිරිසක් මෙසේ විරෝධතාවයේ නිතරව සිටි අතර, මේ හේතුවෙන් බස් නැවතුම්පොල සිට ගමන් ආරම්භ කරන බස් රථ ධාවනයටද පැය ගණනාවක් දැඩි බාධා එල්ල වී ඇත.
විරෝධතාකරුවෝ පසුව නුවරඑළිය නගරයේ සිට ග්‍රෙගරි වැව උද්‍යානය අසලට පෙළපාලියකින් පැමිණ නුවරඑළිය-බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධාවයක නිරතව තිබේ.