Colombo Today Local News

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

මතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාට අද (16)දින මාතර ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් හූ තබමින් විරෝධය පල කර තිබේ.

පාක්ෂිකයකුගේ සුව දුක් බැලීමට එම නිවසට ගොස් ආපසු යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බව කියති.

කෙසේ වෙතත් හූ හඩ මධ්‍යයේ ඒ මහතාගේ ජීප් රථය වේගයෙන් එම ස්ථානයෙන් ඉවත්ව යන අයුරු දැක ගත හැකි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ජනපති හා අගමැතිගේ නැගණියගේ පුත්‍රයා වෙයි. ඔහු ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමි කර පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Related posts

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

Google එකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහයි – රංජන් රාමනායක පවසයි.

colombotoday

එක එක්කෙනා කෑ ගහපු පලිඅයට පාස්කු වාර්තාව එළියට දාන්නේ නෑ

Admin

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතර

colombotoday

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday