Colombo Today Local News

“පැරදිලා මේ පැත්ත පළාතේ එනු එපා” – අගමැති එජාප සංවිධායකයන්ට දන්වයි

පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත්වන පළාත් පාලන ආයතනවලට අදාළ මැතිවරණ කොට්ඨාසවල සංවිධායකයන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

එබැවින් මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසත් එවැනි සංවිධායකයන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ යළි කිසිදු අයුරකින් වෙනස් නොකරන බවටත් අග්‍රාමාත්‍යවරයා එජාප සංවිධායකයන්ට අනතුරු ඇඟවීමක්ද සිදුකර ඇත.

තමන්ගේ ආසනයට අදාළ පළාත් පාලන ආයතන පරාජය වී මෙහාට එන්න එපා යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී ඔවුන්ට දැනුම් දී තිබේ. එජාප නායක වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ එජාප මූලස්ථානයට කැඳවූ පක්ෂ සංවිධායකවරුන්ගේ හමුවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සම්මුතියක් ඇතිව ගෙන යන මෙම රජය එක්සත් ජාතික පාක්ෂිකයන්ට කරන කෙනහිලිකම් නිසා තමන් මුහුණ දී ඇති අපහසුතා හා පීඩාවන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙයින් ඔබ්බට කල්පනා නොකිරීමෙන් තමන් පත් වී ඇති අපහසුතාව පිළිබඳව එජාප මන්ත්‍රිවරුන් රැසක් එහිදී විරෝධතාව දක්වා ඇතැයිද අනාවරණය වෙයි.

 

Related posts

වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය ට තීරණයක්

Admin

කොටහේන හින්දු කෝවිලේ මහා ශිවරාත්‍රී පූජාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක්!

colombotoday

“ශ්‍රී ලංකා හමුදාවේ ශක්තිය සියයට 37කින් අඩු කරනවා” මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

දේශිය වෙලදපොලේ සිනි සහ පරිප්පු මිල රු 10 කින් ඉහලට.

colombotoday