Colombo Today Local News

බැදුම්කර වාර්තාවට අගමැතිගෙන් ප්‍රශංසා

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමට ස්තුතිය පල කරන බව නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු.

එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව විසින් බැඳුම්කර නිකුතුව පිළිබද සිදුකල පරීක්ෂණ වාර්තාව 2016 ඔක්තෝබර් 31 වැනිදා අගමැතිවරයාගේ උපදෙස් මත නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

බැඳුම්කර නිකුතුව විධිමත් කරලීම පිළිබදව මෙන්ම මතබේදාත්මක බැඳුම්කර නිකුතුවට වගකිවයුතු නිලධාරින් යන්න හා ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු නෛතික පියවර පිළිබදව ද නිර්දේශ ඉදිරිපත් කරන ලෙස 2016 දෙසැම්බර් මාසයේදී අගමැතිවරයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව බැඳුම්කර නිකුතුව සම්බන්ධ සුදුසු නෛතික පියවර ගැනීමේ වගකීම 2016 වසරේ දෙසැම්බරය වන විට අගමැතිවරයා විසින් ද 2018 ජනවාරි වන විට ජනාධිපතිවරයා විසින් ද නීතිපති දෙපාර්තමේන්තුවට පවරා ඇත.

යහපාලන ජාතික ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිගරුක පිළිවෙත මෙම ක්‍රියා මාර්ග ඔස්සේ යළිදු තහවුරු කිරීමට අපට හැකිවිය. දැන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සුදුසු ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.

එසේම කොමිසම විසින් සඳහන් කළ පරිදි 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්ෂොණයක් සිදු කොට, නීතිමය ක්රිපයා මාර්ග ගැනීමද යහපාලන ජාතික ආණ්ඩුවේ අභිප්‍රයයි.

පසුගිය ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක වූ ද්වේශ සහගත අසත්‍ය අවලාද හා මඩ ගැසීමේ සම්ප්‍රදාය වෙනුවට නීතියේ හස්තයට කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මන වීමට අවකාශ සැලසීම අප සැමගේ අභිලාෂයයි.”

– අග‍්‍රාමාත්‍ය කාර්යාලය

Related posts

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday

යාපනයේ ජල ගැලිම් වලින් පුද්ගලයන් 13900 කට පිඩා

colombotoday

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය ඉහළට

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

colombotoday