Colombo Today Local News

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළකර තිබේ.

ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග විවිධ සාකච්ඡා මේ වන විටත් පවත්වා ඇති බවය.

ණය ගෙවීම් පැහැර හැරීම් පිළිබඳව ශ්‍රී ලංකාව පසුගියදා ගනු ලැබු තීරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන නමුත් තවදුරටත් ඔවුන්ට සහාය ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහා ද අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී චීනයට වඩා පෙරමුණ ගැනීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය රජය ප්‍රකාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Related posts

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

නාමල් රාජපක්ෂට එරෙහි මනි ලොන්ඩරිං නඩුවක් වැඩිදුර විභාගයට දින නියම වෙයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු අසුන රනිල්ට – කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ දුක සැප බලන්න මන්ත්‍රී පිරිසක් බන්ධනාගාරයට

colombotoday