Colombo Today Local News

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල ද උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්

colombotoday

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday

ආණ්ඩුව ගත්ත ගමන් අපේ අය හොරකම් කරන්න ගත්තා.. හොරු අල්ලන්න යනකොට ජනපතිට චෝදනා කිරීම වැරදියි – රන්ජන්

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday