Colombo Today Local News

තමන් බොරු සාක්ෂි දුන් බව කොටි සාමාජිකයා අධිකරණයේදී කියයි.. කොමදෝරු දසනායකගේ නඩුව උඩු යටිකුරු වෙයි

කොමදෝරු ඩීකේපී දසනායක මහතාගේ නඩු විභාගය ඊයේ දින (02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයේ දී පැවැත්විණි.

ඉන් අනතුරුව පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

අද දින කොමදෝරු ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදාවේ රණවිරුවන්ට එරෙහිව අබුත චෝදනා නගමින් ගොනු කල ඇති B වාර්තාව පිළිබඳ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුනා.

අධිකරණය මිට කලින් ලබා දුන් අවසරයක් මත අද දින, මේ සැක කරුවන්ව රදවා තබා ගැනීමට පදනම් වුනු හිටපු කොටි ත්‍රස්තවාදීයාගේ ප්‍රකාශය අසත්‍යය බවත් බලපෑම් මත ඉදිරිපත් කල එකක් බවත් අධිකරණයට ඉදිරිපත්වු එම පුද්ගලයා විසින්ම මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ ස්වෙච්චාවෙන් එතුමියගේ නිල මැදිරිය තුලදී ප්‍රකාශ සිදු කරනු ලැබුවා.

එය ඉදිරියේ දී නඩු වාර්තාවට එකතුවේවි. එය මේ නඩුවේ වැදගත් හැරවුම් ලක්ෂයක් වේවි කියලා අපි විශ්වාස කරනවා.

මේ රණවිරුවන්ට නිදහස දීමට කොටි ත්‍රස්ත්‍රවාදීන්ගේ හෘදසාක්ෂිය කතා කරද්දි මේ ආණ්ඩුවේ හෘදසාක්ෂිය තාම අවදිනොවීම පිළිබඳ අපිට ඇත්තේ බලවත් කණගාටුවක්.

මේ රණවිරුවන්ට විරුද්ධව බොරු සාක්ෂි හැදුව නාවික හමුදාවේ නිළධාරියාට ඔහු සිදු කල වරදවල් වලට ජනාධිපති සමාව ලැබීම මත බොරු සාක්ෂි දීමට පෙළඹුණු බවට මේ වනවිට රටේ ලොකු කතාවක් තියෙනවා.

ඒ වගේම සමාජ ජාලා වෙබ් අඩවි වල මේ කතාව සැරි සරනවා. මේ රණවිරුවන්ව සිර ගත කරන්න බොරු සාක්ෂි සැපයු නිලධාරියා අද ඔස්ට්‍රේලියාවේ සිටින්නේ ඔහුට ජනාධිපති සමාවක් ලැබිලද?

ඔහුට එසේ නිදහස ලබා දුන්නේ ඔහු ලවා ප්‍රකාශයක් ලබා ගන්නද යන්න පිළිබදව නාවික හමුදාව රටට ඇත්ත පැවැසිය යුතුයි.

– අරවින්ද අතුකෝරල

Related posts

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

අපේ වෘත්තීය සමිති ටික විසුරුවලා දානවා

Admin

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධුරය යළිත් දයාසිරිට

Admin

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

colombotoday

“ජනපති – අගමැති සමගියි.. මහබැංකු අධිපති නිර්දේශ කරන්නේ මමයි” – මුදල් ඇමති

colombotoday

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

colombotoday