ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ට මාරුවීමක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස ඔහුට එම මාරුවීම ලබාදී තිබේ.
ඊට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා මරුවීමක් ලබාදී ඇත.