Colombo Today Local News

UNP ය රෙදි ගලවගෙන.. දේශීය ව්‍යාපාරිකයන් නැති භංගස්ථාන කරනවා – දයාසිරිගෙන් එජාපයට චෝදනා

එක්සත් ජාතික පක්ෂ ආර්ථික ප්‍රතිපත්තිය දේශිය ව්‍යාපාරිකයා ආරක්ෂා කිරිමට වඩා විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එම ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

කුරුණෑගල පඩුවස්නුවර පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“අපි අද යූඑන්පීයට මුක්කු ගහගෙන ඉන්නේ නෑ. යූ එන් පීයේ තියන ඒවාට විරෝධතාව අපේ තියනවා. දැන් මේ රටේ ආර්ථික වශයෙන් විශාල අර්බුදයක් ඇතිවෙලා තියන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් මේ 2015 ආව ගමන් මොකද්ද කළේ super gain tax කියලා එකක් ගැහුවා. දැන් මේවා ගහලා කාවද නරක් කර ගත්තේ මේ රටේ ඉන්න හොදම ව්‍යාපාරිකයෝ ටික තමයි මේ නරක් කර ගත්තේ. මේක මේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අත උස්සලා ගහපු එකක් නෙමෙයි. මේක ඒ කාලයේ යුඑන්පීයේ මුදල් ඇමතිවරයා විදියට හිටපු රවි කරුණානායක මහත්තයා ගෙනාපු යෝජනාවක්. හැබැයි ඒ යෝජ්නාව ක්‍රියාත්මක කෙරුවෙත් නෑ. හැබැයි නිකන් monthly බද්දකුයි, ප්‍රාග්ධන බද්දකුයි ගහලා අපේ රටේ ඉන්න හොදම ව්‍යාපාරිකයෝ ටික අපි තරහා කර ගත්තා. ඒ මිනිස්සු කල්පනා කළා මේ ආණ්ඩුවත් එක්ක යන්න බෑ මොකද මේ බද්ද ගහලා මේ අය අපිව විනාශ කරන්න යන්නේ.”

“දැන් ඊලඟට බලන්න මේ වැඩපිළිවෙළ උඩ විශාල ප්‍රශ්නයක්. වැට් එක ගැහුවා, තමුන්නාන්සේලාට මතකයි ලක්ෂ 30ට වැට් එක ගැහුවා. මේ පොඩි කඩයක්වත් කරන්න බෑ.  කාර්තුවකට රුපියල් ලක්ෂ 30 නම් ආදායම තියෙන්නේ ඒක වැට් එකට යටත් කියලා ගැහුවා. අපි ඒක වැඩි කරගත්තා මිලියන 50 දක්වා වැඩිකරගත්තා කෑ ගහලා කෑ ගහලා මේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් විදියට. ඉස්සල්ලා දේශිය ව්‍යාපාරිකයෝ ටික බලල ඉන්න එපැයි පිටරටින් එන සුද්දන්ට වැඩිය. යූඑන්පීයේ ආර්ථික ප්‍රතිපත්තිය තියෙන්නේ රෙද්ද ගැලෙව්වා වගේ විවෘත ආර්ථිකය ඇති කරලා ඕන එහෙකුට එන්න පුළුවන් ඇවිල්ලා ඕන එකක් කරන්න පුළුවන්. එහෙම කරලා මේ දේශිය ව්‍යාපාරිකයා නැතිබංගස්ථාන වුනත් කමක් නැහැ. ඕන එකක් කරනවා. ඉතින් ඒකට අපි විරුද්ධයි.” අමාත්‍යවරයා පවසා සිටියා.

Related posts

ඇමති මලික් සමරවික්‍රම, ජනපතින් අන්දවා සිංගප්පූරුවට රට පාවා දෙයි !

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

සමස්ත ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 71ක්

colombotoday

කොළඹ වරාය නගර පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

colombotoday

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 18,000ක් කොටහේනේදී අල්ලයි

colombotoday

ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

colombotoday