Colombo Today Local News

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ එම පුවත අසා තමන් මහත් සංවේගයට පත්වූ බවය.

එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,

“පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.”

“සිදුවීම සැලවූ වහාම ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව ඔවුන් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටී.”

“කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියාකළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.”

“මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමග මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.”

Related posts

අර්චුනාගේ මංත්‍රීකමටත් ලෙඩක් වැටෙයි

Admin

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළට

colombotoday

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

Admin

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

අගමැතිගෙන් බදුල්ල ගැන අනාවැකියක්

colombotoday