Colombo Today Local News

සාම්පූර් දාගැබ සමතලා කළ ඩෝසර් ක්‍රියාකරුට අනතුරකින් බරපතලයි.. ඩොසරය පටවාගෙන ගිය ලොරියේ රියදුරුටත් අනතුරක්

සාම්පුර් සූඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණයේදි සොයාගත් දාගැබ ඩෝසර් කිරිමට යොදාගත් ඩෝසරය හා එය සැගවීමට එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනිමට හැකිවී තිබෙනවා.

දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26දා හලාවත ප්‍රදේශයේදි රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරිමෙන් පසු ඔහුගේ තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර ඩෝසර් යන්ත්‍රය සැගවිමට එය පටවාගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතුර් තෝපුර් ප්‍රදේශයේදි යතුරුපැදියෙන් ඇදවැටි මුතුර් රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇත.

මුතුර් සහාකර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරික්ෂණ පවත්වා ලබා ගත් අධිකරණ නියෝග හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය හා ලොරිය අත්අඩංගුවට ගනු ලැබිණි.

ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් රිච්චලම්පත්තු ප්‍රදේශයේ සගවා තිබියදි අත් අඩංගුවට ගත් අතර ලොරිය තෝපුර් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඡායාරූප – නෙත් නිව්ස්

Related posts

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

Admin

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

දළදා වන්දනාවට උණ්ඩයක් රැගෙන ගිය කතක් මාට්ටු

colombotoday

රනිල් ජනපති සටනට. අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට රනිල් කියයි

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday