ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ශ්‍රීලනිපයට එක්විය.
අද (28) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ ඔහු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කරන ලදී.