Colombo Today Local News

විල්පත්තු සංහාරය බැදුම්කර හානියට වඩා වැඩියි.. සියළු වංචා දූෂණවලට වඩා බරපතලයි !

විල්පත්තු විනාශය, හෙජින්, ග්‍රීක් බොන්ඩ්, ශ්‍රී ලංකන්, මිහින් හා බැදුම්කර වල හානියට වඩා වැඩි බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

බොදුබල සේනා මූලස්ථානයේ ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, විගණකාධිපතිගේ විල්පත්තු වාර්තාවට අනුව බදුර්දීන් අමාත්‍ය මහත්මයෙක් නම් රවී කරුණානායක මහතා වගේ තනතුරින් ඉල්ලා අස්වී පරීක්ෂණ වලට සහය විය යුතුයි..එසේ නොමැතිනම් යහපාලන මුලධර්ම අනුව අස් කල යුතුයි” යයි ද පැවසූහ.

ඉඩම් අක්කර 3000ක් අයිති කරගෙන:

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාද් බදියුර්දීන් මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් වනාන්තර කපා ඉඩම් අක්කර 3000ක් අයිති කරගෙන ඇතැයි ද උන්වහන්සේ පවසා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“ ඔහු විසින් මඩකලපුව, මන්නාරම,මුලතිව්, යන ප්‍රදේශවල වනාන්තර කපා මෙතෙක් කල් ඉඩම් අයිතිකර ගැනීම් සිදු කළ අතර මේ වනවිට බදියුර්දීන් මහතාගේ සහෝදරයාට අම්පාර ප්‍රදේශයේ කැලෑ කපා ඉඩම් අයිති කරගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

1995 වසරේදී දේශපාලනයට පැමිණි බදියුර්දීන් මහතා මේ දක්වා කෝටි ගණනක වත්කම් හා දේපොළ උපයා ගත් ආකාරය වගකිව යුතු අංශ සොයා බැලිය යුතුයි.” යැයි ද පවසා සිටියහ.

රාජපක්ෂලගෙ බත් ගිලගිල හිටපු අය ?

” 2014 බොදු බල සේනා විල්පත්තු සටන අද තීර්ණාත්මක මට්ටමකට පැමිනිලා.. රාජපක්ෂ ජනාධිපති මේ විනාශය ගැන කතා කිරීමෙන් මග ඇරියා..බැසිල් මේ විනාශය ගැන වග කිව යුතුයි. සිරිසේන ජනාධිපති යම් පියවර ගැනිම හොදයි ..ඒත් ප්‍රමාණාත්මක නැහැ.” යයි ද උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී පවසා සිටියහ.

මහින්ද හෙට ආණ්ඩුවක් හැදුවොත් බදුර්දීන් එකෙත් ඇමති කෙනෙක් යයි පැවසු ඥානසාර හිමියන්, ” එදා විල්පත්තුවෙ විනාශය ගැන අපි හෙලිකරන කොට පූස් පැටව් වගේ සද්ද නැතුව රාජපක්ෂලගෙ බත් ගිලගිල හිටපු රතන හිමියි ගෝලයොයි අද විල්පත්තු සටනෙ අයිතිකාරයො වෙලා” යයි ද පැවසුහ.

Related posts

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

colombotoday

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

colombotoday

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ඉන්දීය මාධ්‍යත් හෙළි කරයි: අයි.එෆ්.ඊ.එස්. වාර්තාවෙන් එජාපය හෙල්ලෙයි

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday