Colombo Today Local News

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතුයි විපක්ෂ නායක කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්නොකළ යුතු බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

මහ බැංකු අධිපති ධුරය සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු කිරීම සහ සමස්ත මූල්‍ය ක්‍රියාවලියේ නියමු කාර්යය ඉටු කිරීම බවය.

එබැවින් රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගතයුතු මහ බැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්ව තබා ගැනීම අනිවාර්ය කරුණක් බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

Related posts

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

අනුර ඕකේනම් වන්ෂොට් ගම්පහින් මැතිවරණයට

Admin

හිටපු DIG නාලක ද සිල්වාට එරෙහි නඩුවෙන් නිදහස් කෙරේ

Admin

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

” අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වෙයි “

colombotoday