World

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

යුක්රේන හමුදාවට අයත් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක් රුසියානු දේශ සීමාවට ඇතුළු වී, රුසියාවේ බෙල්ගොරොඩ් පළාතේ බොර තෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පවසයි.

රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේනය රුසියානු දේශසීමා උල්ලංඝනය කරමින් පහර දීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

යුක්රේන ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රේඩාර් පද්ධති වලට අසු නොවන ආකාරයට ඉතා පහළින් පියාසර කරමින් රුසියානු දේශ සීමාවට ඇතුළු වී බෙල්ගොරොඩ් පළාතේ බොරතෙල් ගබඩාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි ආණ්ඩුකාර ගොල්ඩ්කොව් පැහැදිලි කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු වී නැතත් පුද්ගලයන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ අතර සිද්ධිය සැල වූ වහාම අවට සිවිල් වැසියන් ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.

ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කරන්නේ තෙල් ගබඩාවට එල්ල කළ මෙම ප්‍රහාරය අනාගත සාම සාකච්ඡා වලට බලපෑමක් එල්ල කරනු ඇති බවය.

Related posts

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

colombotoday