Colombo Today Local News

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව 31දා ජනපති අතට.. හවුල් ආණ්ඩුවත් 31 අවසන් !

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබදව සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව දෙසැම්බර් 31 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමට නියමිතය.

බැදුම්කර වාර්තාව ජනාධිපතිවරයාට ලබා දීමෙන් පසු දේශපාලන පෙරළි රැසක් සිදුවනු ඇති බවට අදහස් පළවේ.

බැඳුම්කර කොමිසමේදී හෙළි දරව් වූ කරුණු හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එහි චූදිතයින් බවට පත්වී ඇති නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීම සුදුසු නොවන බව වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබිණි.

ඔවුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහ ගත් අවස්ථාවේදී දෙසැම්බර් 31 වනදා තෙක් ඉවසීමෙන් සිටින්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇත.

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුමද මෙම 31 වැනිදායින් අවසන් වෙයි.

Related posts

‘රැට්ටා’ සහ තවත් සැකකරුවෙකුට විදෙස්ගතවීම තහනම්

colombotoday

හොදම ගුවන්සේවා 10 අතර වැජඹුනු “ශ්‍රීලංකන්” අද තත්වය.. මගීන්ට කිඹුලා බනිස් (Photo)

colombotoday

දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍ර

Admin

‘කිඹුලා ඇලේ ගුණා’ ගේ සමීපතමයෙක් අයිස් ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට

colombotoday

මව දුරකතනය නොදුන් නිස, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin