Colombo Today Local News

රුසියාව මෙරට තේ තහනම් කළේ, ලංකාවේ ඇස්බැස්ටස් තහනම නිසා බව රජය නිළ වශයෙන් පිළිගනී !

රුසියාව විසින් මෙරට තේ ආනයනය කිරීම සහ මෙරට තුළ ඇස්බැස්ටස් තහනම් කිරීම අතර සම්බන්ධයක් ඇතැයි වැවිළි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

හෙතම මේ බව කියා සිටියේ ඊයේ 20 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තේ අපනයනය කරන බවත් රුසියාව ඇස්බැස්ටෝස් අපනයනය කරන බවත් එම දෙකෙහි සම්බන්ධය තේරුම් ගත යුතු බවත් ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව රුසියාවෙන් සුදු ඇස්‌බැස්‌ටෝස්‌ ආනයනය කරන බවද ලබන ජනවාරි 01 වැනිදා සිට මෙරට ඇස්‌බැස්‌ටෝස්‌ නිෂ්පාදනය, භාවිතය හා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සීමා කිරීමට රජය තීරණයක්‌ ගෙන තිබූ බවද එම තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන බවද හෙතෙම කීය.

රුසියාවෙන් ආනයනය කරන ඇස්‌බැස්‌ටෝස්‌ ශරීරයට හිතකර බවටත්, විෂ ද්‍රව්‍ය ඇතුළත් නොවන බවටත් එරට දැනුම්දී ඇති බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

සජිත්ගේ සමගි ජන බලවේගයේ නාමයෝජනා නිෂ්ප්‍රභ කරන්න ඉල්ලා හිටිහාමිලාගේ හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

colombotoday

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමේ වැඩ අවසන්…

colombotoday

ඉන්ධන ගැටළුට කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

colombotoday

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday

ඩුබායි සිට තැපෑලෙන් ආ මත්පෙති තොගය

colombotoday